ලෝකය කැරකෙන එක නැවතුනොත්

ලෝකය ‍කැරකෙන එක නැවතුනොත් ඉස්සර වෙලාම මොකද වෙන්නෙ. ටිකක් හිතල බලන්න. අදහසක් තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මොනව වෙයිද කියල මම වෙන වෙලාවක කියන්නම්.දැන් මම කියන්න යන්නෙ ඒක ගැන නෙමෙයි. ඇත්තටම ලෝකෙ කැරකෙන වේගෙ අඩු වෙමින් තිබෙන බව ඔබ දන්නවාද ? ඔව් ඒකට හේතුව තමයි හදේ ගුරුත්වාකර්ශණ ශක්තිය.

  හිතල බලන්න කැරකෙන මැඩිගෝ රවුන්ඩ් එකක් ව‍ටේට අපි බයිසිකල් එකක් පැදගෙන යනවා. ‍මැඩිගෝ රවුන්ඩ් එකට ගැට ගහපු ලනුවක් එක පාරටම අපි අල්ල ගන්නව දැන් මොකද වෙන්නෙ. ‍මෙඩිගෝ රවුන්ඩ් එකේ වේගය ටික ‍ටික අඩු වෙනවා. මගේ වේගය ටික ටික ‍වැඩි වෙනව. දෙන්නගෙ වේග දෙක සමාන වෙනකන් ඔය දේ වෙන‍වනේ.ඒ වගේ දෙයක් තමා මෙතනත් වෙන්නෙ. හද‍ පොලව ‍වටේ කැරකෙන්නෙ ‍‍පොලවේ භ්‍රමණ වේගයට වඩා අඩු වේගයකින්. එතකොට මොකක්ද මේ ලනුව වගේ වැ‍ඩ කරන්නෙ. පොලවෙ තියෙන වතුර තමා ඒ විදියට වැඩ කරන්නෙ. ඔයාල දන්න‍වනෙ උදම් ගැන. හදේ තියෙන ගුරුත්වාකර්ශණ බලය නිසා පොලවෙ තියෙන වතුර ටික බිත්තර ගෙඩියක් ‍වගේ හද දිහාවට ඇදිල ගිහින් තමා තියෙන්නෙ. හැබැයි පොලවෙ භ්‍රමණය නිසා ටිකක් ඉස්සරහට තල්ලු ‍වෙනව. එතකොට පොලවෙ තියෙන වතුරට වඩා ඉක්මනින් පොලව කැරකෙන්න උත්සාහ  කරනව. එතකොට පොලවත් වතුරත් අතර ඝර්ෂණ බලයක් ඇති වෙනව. ඒක තමා පොලව පස්සට අදින බලය. ඒ වගේ ම වතුරත් හදත් අතර තියෙන ආකර්ශණ බලය නිසා හද මත ඉස්සරහට බලයක් ඇති වෙන‍ව. ඒ නිසා හදේ වේගයත් වැඩි වෙනව.හදේ කැරකෙන වේගය වැඩි වෙනකොට ඒක වසරකට සෙ.මි. 4 ක වේගයෙන් අපෙන් ඈත් වෙනව. ඒවගේ ම පොලවත් වතුරත් අතර ඝර්ෂණ බලය නිසා පොලවේ චාලක ශක්තිය හානි වෙනව. එතකොට පොලව කැරකෙන වේගය අඩු වෙන‍ව. කවද හරි දවසක පොලවේ භ්‍රමණ කාලය හදේ පරි භ්‍රමණ කාලයට සමාන වුනොත් මේ සිද්දිය නවතිනව. බය වෙන්න එපා ..... ඒකට තව අවුරුදු බිලියන ගානක් තියෙනව. ඒ වෙනකොට පොලවේ දවසක් කියන එක අද කියන දවස වගේ 47 ගුනයක් වෙයි ලු. මරු නේ.............................