අනාගතයේ mobile phones


ජංගම දුරකතනයක කාර්යය යන යන තැන රුගෙන යාමට හැකි වීමත් ඇමතුම් ලබා ගැනීමට හැකි වීමත් ය.නමුත් වර්තමානයේ ජංගම දුරකතන ඊට අමතරව විවිද සේවා සැපයීමට හැකි උපාංගයක් බවට පත් වී තිබෙනවා.එය ක්‍රමයෙන් විකාශනය වී පරිගණකයක තත්වයට එන විට පරිගණකය ප්‍රමාණයෙන් කුඩා වෙමින් ජංගම දුරකතනය ක තත්වයට පත්වෙමින් තිබෙනවා.එතකොට ඉතින් අනාගතයේ අපි අතේ තිබෙන උපකරණය කොයි වගේ ද කියල පොඩි අදහසක් ගන්න මම ටිකක් ජංජාලේ සැරිසැරුවා.
මේ තමයි nokia සමාගම ඉදිරිපත් කරන අනාගත දුරකතන සැලසුම.මෙය තනිකරම nano technology හා nano electronics මත පදනම් වී තිබෙනවා.මෙහි විශේෂතා කිහිපයක් ම තියෙනව.
1.නම්‍යශීලීතාවය සහ design එක මාරු කිරී‍මේ හැකියාව
2.ස්වයංක්‍රීයව පිරිසිදු වීමේ හැකියාව
3.වතුරෙන් හානි නොවීම
4.හිරු ‍එලියෙන් ස්වයංක්‍රීයව charge වීම(මෙය සාමාන්‍ය සූර්ය පැනල භාවිතයෙන් නොව nano grass නම් අලුත් සංකල්පයක් මගින් සිදු කර තිබෙනව.)
5.පරිසරයට සංවේදී වීම.

‍මේ ගැන වැඩිදුර විස්තර පහල වීඩියෝ එකෙන් බලා ගන්න