අමුතුම ශබ්ද මවන සංගීත භාණ්ඩ

අප චිත්‍රපට වලදී අහන සමහර හඩවල් අප දන්න සුපුරුදු සංගීත භාණ්ඩ ඇසුරින් නිපදවනු ලබන ඒවා නොවෙයි.ඒ සදහා වෙනමම සංගීත භාණ්ඩ යොදා ගන්නවා. මේ අපූරු සංගීත භාණ්ඩ ගැන ටිකක් කතා කරන්න තමා මම අද හදන්නෙ.

waterphone

ඔබ නරඹන බොහෝ චිත්‍රපට වල භායානක ශබ්ද ඇති කරන්නෙ කොහොමද කියල ඔබ නිකමට වත් හිතුවද.
මෙන්න භාණ්ඩෙ.නම නම් ඇවිල්ල waterphone. හොයාගෙන තියෙන්නෙ Richard A. Waters.මේකක් ඔයාලට නිකන් ගිහින් කඩේකින් ඉල්ලුවට ගන්න බෑ.මොකද  waterphone හදන්නෙ මෙයා විතරයි.හැම දේකම කොපියක් ගහන චීන මේකටත් කොපි ගහනවලු.ඒ උනාට Richard නම් කියන්නෙ එයා අවුරුදු 20 ක් විතර පරීක්ෂණ කරමින් වැඩි දියුණු කරල තියෙන මේ කලාව වෙන කාටවත් ලේසියෙන් අල්ල ගන්න නම් හම්බෙන්නෙ නෑ කියල.ඔන්න ඔයාලම අහල බලන්න මේකෙන් නිපදවන ශබ්දය කොහොමද කියල.
Richard ගෙ official waterphone site එකට මෙතනින්. යන්න පුලුවන්.ඔයාලත් පොඩ්ඩක් ඔලුව දාල බලන්නකෝ.භාණ්‍‍ඩෙ සරලයි වගේ පෙනුනට මොකද අඩු ම waterphone එකක් ඩොලර් 1000 ක් විතර වෙනව.අපි දන්න ගොඩක් ත්‍රාසජනක චිත්‍රපට (the matrix , croching tiger hidden dragon) නිශ්පාදනයට මෙම උපකරණය දායක වෙලා තියෙනව.

Theremin

මේක තමයි මගෙ හිතට වැදුනම එක. මේක වාදනය කරන්න කිසිම ‍විදියකින් උපකරණය අල්ලන්න ඕන නෑ.මාරයි නේ.ඉස්සර වෙලාම මේකෙ සද්දෙ මොන වගේද කියල බලන්න මේ වීඩියෝ එක බලල ම ඉන්නකෝ.


කොහොමද ‍වැඩේ එක අතකින් volume එක පාලනය කරන ගමන් අනිත් අතින් pitch එක පාලනය කරනව.මේකත් කලින් එක වගේම මොනවත් note  ලියන්න පුලුවන් උපකරණයක් නෙවෙයි.‍ඒ උනාට අපි දන්න ගොඩක් film & video games වලට මේක පාවිච්චි කරල තියෙනව. ඒ ලැයිස්තුව මෙතනින් බලාගන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි ගොඩක් live concert වලටත් පාවිච්චි කරල තියෙනව නෙ.


මේ උපකරණයේ තියෙන ඇන්ටනා දෙකක් වගේ පේන්නෙ ඇත්තටම ඇන්ටනා නෙමෙයි.ඒව ධාරිත්‍රක වල එක plate එකක් විදියට වැඩ කරනව.එතකොට ground plate එක මොකක්ද? ඔව් ඒ තමයි අත් දෙක.අත් දෙක එහා මෙහා කිරීමෙන් ධාරිත්‍රකයේ ධාරිතාවය වෙනස්  කරන්න පුලුවන්.මේ තාක්ෂණයට කියන්නෙHeterodyne කියලයි.