ආදරේ වැඩි කමට ඔබවම වැලද ගන්න.....

අනේ මන්ද ඉතින්.මේක කියන්නත් මොකක්ද වගේ.කමක් නෑ.ඔන්න ඉතින් ඔයාලට කවද හරි දවසක පාලුවක් තනිකමක් දැනුනොත් අනේ බදා ගන්න වත් කවුරු හරි ලග හිටිය නම් කියල හිතුනොත් අයියෝ ප්‍රශ්නයක් කර ගන්න එපා.හරි ම සරල විසදුමක් තියෙන්නෙ.නිකන් අහක ඉන්න ගෑනු ලමයින් ව බදා ගන්න ගිහින් ගුටි කන‍්නෙ ඇයි ඒකට තමා මේ sense roid ඉන්නෙ.විශේෂ ජැකට් එකක් තියෙනව ඒකත් ඇදගෙනම මෙයාව බදා ගත්තම  අපිට හරියට මම මමම බදා ගත්ත වගේ දැනෙනවලු.මේ රොබෝ ගෙ තියෙන sensors වලින් අපේ හද ගැස්ම හදුනගෙන අපිටම ආපහු feed back කරනවලු. ඒ සදහා විශේෂ මෝටර් වගයක් මේ රොබෝ පුරාම තියෙනව. ඒ වගේම අනිත් එක තමයි. අපේ ජැකට් එකේ තියෙන air pressure tubes වගයක් මගින් අපිව ඇගට 
තද කරන එක.අනේ මන්ද ඔයාලත් දවසක කරලම බලන්නකො


අමුතුම ශබ්ද මවන සංගීත භාණ්ඩ

අප චිත්‍රපට වලදී අහන සමහර හඩවල් අප දන්න සුපුරුදු සංගීත භාණ්ඩ ඇසුරින් නිපදවනු ලබන ඒවා නොවෙයි.ඒ සදහා වෙනමම සංගීත භාණ්ඩ යොදා ගන්නවා. මේ අපූරු සංගීත භාණ්ඩ ගැන ටිකක් කතා කරන්න තමා මම අද හදන්නෙ.

waterphone

ඔබ නරඹන බොහෝ චිත්‍රපට වල භායානක ශබ්ද ඇති කරන්නෙ කොහොමද කියල ඔබ නිකමට වත් හිතුවද.
මෙන්න භාණ්ඩෙ.නම නම් ඇවිල්ල waterphone. හොයාගෙන තියෙන්නෙ Richard A. Waters.මේකක් ඔයාලට නිකන් ගිහින් කඩේකින් ඉල්ලුවට ගන්න බෑ.මොකද  waterphone හදන්නෙ මෙයා විතරයි.හැම දේකම කොපියක් ගහන චීන මේකටත් කොපි ගහනවලු.ඒ උනාට Richard නම් කියන්නෙ එයා අවුරුදු 20 ක් විතර පරීක්ෂණ කරමින් වැඩි දියුණු කරල තියෙන මේ කලාව වෙන කාටවත් ලේසියෙන් අල්ල ගන්න නම් හම්බෙන්නෙ නෑ කියල.ඔන්න ඔයාලම අහල බලන්න මේකෙන් නිපදවන ශබ්දය කොහොමද කියල.
Richard ගෙ official waterphone site එකට මෙතනින්. යන්න පුලුවන්.ඔයාලත් පොඩ්ඩක් ඔලුව දාල බලන්නකෝ.භාණ්‍‍ඩෙ සරලයි වගේ පෙනුනට මොකද අඩු ම waterphone එකක් ඩොලර් 1000 ක් විතර වෙනව.අපි දන්න ගොඩක් ත්‍රාසජනක චිත්‍රපට (the matrix , croching tiger hidden dragon) නිශ්පාදනයට මෙම උපකරණය දායක වෙලා තියෙනව.

Theremin

මේක තමයි මගෙ හිතට වැදුනම එක. මේක වාදනය කරන්න කිසිම ‍විදියකින් උපකරණය අල්ලන්න ඕන නෑ.මාරයි නේ.ඉස්සර වෙලාම මේකෙ සද්දෙ මොන වගේද කියල බලන්න මේ වීඩියෝ එක බලල ම ඉන්නකෝ.


කොහොමද ‍වැඩේ එක අතකින් volume එක පාලනය කරන ගමන් අනිත් අතින් pitch එක පාලනය කරනව.මේකත් කලින් එක වගේම මොනවත් note  ලියන්න පුලුවන් උපකරණයක් නෙවෙයි.‍ඒ උනාට අපි දන්න ගොඩක් film & video games වලට මේක පාවිච්චි කරල තියෙනව. ඒ ලැයිස්තුව මෙතනින් බලාගන්න පුලුවන්.ඒ විතරක් නෙවෙයි ගොඩක් live concert වලටත් පාවිච්චි කරල තියෙනව නෙ.


මේ උපකරණයේ තියෙන ඇන්ටනා දෙකක් වගේ පේන්නෙ ඇත්තටම ඇන්ටනා නෙමෙයි.ඒව ධාරිත්‍රක වල එක plate එකක් විදියට වැඩ කරනව.එතකොට ground plate එක මොකක්ද? ඔව් ඒ තමයි අත් දෙක.අත් දෙක එහා මෙහා කිරීමෙන් ධාරිත්‍රකයේ ධාරිතාවය වෙනස්  කරන්න පුලුවන්.මේ තාක්ෂණයට කියන්නෙHeterodyne කියලයි.

Hybrid කාර් එකක් වැඩ කරන හැටි


‍මේ දවස් වල පාරෙ අලුත් කාර් වගයක් යනව තාම අංක තහඩු වත් නැතුව. ඔව් සුදු පාට ඩිකිය ටිකක් ලොකු කාර් එකක්.අවුරුදු 2 ක 3 කට කලින් යාලුවො hybrid car ගැන කතා කරද්දි මම හිනා වුනා ඉතින්.ඇයි ඉතින් අපි ශක්ති සංස්ථිති නියමය එහෙම දන්න පොරවල් නෙ.ඇයි ඉතින් රෝද කැරකෙද්‍දි ‍ඒකෙන් තව generator එකකුත් කරකවා ගෙන බැටරි යක් චාර්ජ් කරනව කියන්නෙ එන්ජින් එකෙන් ඒකට තව අමතර ශක්තියක් දෙන්න ඕන කියන එක නෙ.ඉතින් එතකොට කිසි වෙනසක් නෑ. බැට්රියේ අමතර බර  විතරයි නෙ.එතකොට කොහොමද ‍මේ අලුත් hybrid කාර් එක වැඩ කරන්නෙ.අපි කාර් එකක් එලවද්දි විශාල ශක්‍තියක් හානි වෙනව බ්‍රේක් වලට.අන්න ඒ ශක්තිය තමා මෙතන දි generator මගින්  විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරල බැට්රි චාර්ජ් කරන‍්නෙ.
වැඩි විස්ත‍ර මෙතනින්

අනාගතයේ mobile phones


ජංගම දුරකතනයක කාර්යය යන යන තැන රුගෙන යාමට හැකි වීමත් ඇමතුම් ලබා ගැනීමට හැකි වීමත් ය.නමුත් වර්තමානයේ ජංගම දුරකතන ඊට අමතරව විවිද සේවා සැපයීමට හැකි උපාංගයක් බවට පත් වී තිබෙනවා.එය ක්‍රමයෙන් විකාශනය වී පරිගණකයක තත්වයට එන විට පරිගණකය ප්‍රමාණයෙන් කුඩා වෙමින් ජංගම දුරකතනය ක තත්වයට පත්වෙමින් තිබෙනවා.එතකොට ඉතින් අනාගතයේ අපි අතේ තිබෙන උපකරණය කොයි වගේ ද කියල පොඩි අදහසක් ගන්න මම ටිකක් ජංජාලේ සැරිසැරුවා.
මේ තමයි nokia සමාගම ඉදිරිපත් කරන අනාගත දුරකතන සැලසුම.මෙය තනිකරම nano technology හා nano electronics මත පදනම් වී තිබෙනවා.මෙහි විශේෂතා කිහිපයක් ම තියෙනව.
1.නම්‍යශීලීතාවය සහ design එක මාරු කිරී‍මේ හැකියාව
2.ස්වයංක්‍රීයව පිරිසිදු වීමේ හැකියාව
3.වතුරෙන් හානි නොවීම
4.හිරු ‍එලියෙන් ස්වයංක්‍රීයව charge වීම(මෙය සාමාන්‍ය සූර්ය පැනල භාවිතයෙන් නොව nano grass නම් අලුත් සංකල්පයක් මගින් සිදු කර තිබෙනව.)
5.පරිසරයට සංවේදී වීම.

‍මේ ගැන වැඩිදුර විස්තර පහල වීඩියෝ එකෙන් බලා ගන්න

මරිජුවානා (marijuana)

මේ තියෙන්නෙ තවත් එක් මත් ද්‍රව්‍යයක්. අම්මට සිරි කට්ටිය බලනව ඇති මොකාටද මූ මේ අද එන්න හදන්නෙ කියල. මරිජුවානා කියන්නෙ සාමාන්‍යයෙන් බෙහෙත් පැලෑටියක්. ඒ උනාට මේකත් වැඩිපුර පාවිච්චි කරන්නෙ මත් ද්‍රව්‍යයක් වශයෙන්. ඒක නෙමෙයි දැන් කතන්දරේ. ඔයාල මොකද හිතන්නෙ මිනිස්සු කැමති ද මේවට. මොන පිස්සුද නෙ. කවුද කැමති කුඩු ගහන්න. එහෙනම් මේකත් බලලම ඉන්නකෝ...........
මෙන්න මෙතනට ගිහිල්ල ම බලන්නකො. මරිජුවානා නීති ගත කරන්න ඕන කියන ගණන දිනෙන් දිනම වැඩි වෙනව. කොහොමද වැඩේ................................

ලෝකය කැරකෙන එක නැවතුනොත්

ලෝකය ‍කැරකෙන එක නැවතුනොත් ඉස්සර වෙලාම මොකද වෙන්නෙ. ටිකක් හිතල බලන්න. අදහසක් තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මොනව වෙයිද කියල මම වෙන වෙලාවක කියන්නම්.දැන් මම කියන්න යන්නෙ ඒක ගැන නෙමෙයි. ඇත්තටම ලෝකෙ කැරකෙන වේගෙ අඩු වෙමින් තිබෙන බව ඔබ දන්නවාද ? ඔව් ඒකට හේතුව තමයි හදේ ගුරුත්වාකර්ශණ ශක්තිය.

  හිතල බලන්න කැරකෙන මැඩිගෝ රවුන්ඩ් එකක් ව‍ටේට අපි බයිසිකල් එකක් පැදගෙන යනවා. ‍මැඩිගෝ රවුන්ඩ් එකට ගැට ගහපු ලනුවක් එක පාරටම අපි අල්ල ගන්නව දැන් මොකද වෙන්නෙ. ‍මෙඩිගෝ රවුන්ඩ් එකේ වේගය ටික ‍ටික අඩු වෙනවා. මගේ වේගය ටික ටික ‍වැඩි වෙනව. දෙන්නගෙ වේග දෙක සමාන වෙනකන් ඔය දේ වෙන‍වනේ.ඒ වගේ දෙයක් තමා මෙතනත් වෙන්නෙ. හද‍ පොලව ‍වටේ කැරකෙන්නෙ ‍‍පොලවේ භ්‍රමණ වේගයට වඩා අඩු වේගයකින්. එතකොට මොකක්ද මේ ලනුව වගේ වැ‍ඩ කරන්නෙ. පොලවෙ තියෙන වතුර තමා ඒ විදියට වැඩ කරන්නෙ. ඔයාල දන්න‍වනෙ උදම් ගැන. හදේ තියෙන ගුරුත්වාකර්ශණ බලය නිසා පොලවෙ තියෙන වතුර ටික බිත්තර ගෙඩියක් ‍වගේ හද දිහාවට ඇදිල ගිහින් තමා තියෙන්නෙ. හැබැයි පොලවෙ භ්‍රමණය නිසා ටිකක් ඉස්සරහට තල්ලු ‍වෙනව. එතකොට පොලවෙ තියෙන වතුරට වඩා ඉක්මනින් පොලව කැරකෙන්න උත්සාහ  කරනව. එතකොට පොලවත් වතුරත් අතර ඝර්ෂණ බලයක් ඇති වෙනව. ඒක තමා පොලව පස්සට අදින බලය. ඒ වගේ ම වතුරත් හදත් අතර තියෙන ආකර්ශණ බලය නිසා හද මත ඉස්සරහට බලයක් ඇති වෙන‍ව. ඒ නිසා හදේ වේගයත් වැඩි වෙනව.හදේ කැරකෙන වේගය වැඩි වෙනකොට ඒක වසරකට සෙ.මි. 4 ක වේගයෙන් අපෙන් ඈත් වෙනව. ඒවගේ ම පොලවත් වතුරත් අතර ඝර්ෂණ බලය නිසා පොලවේ චාලක ශක්තිය හානි වෙනව. එතකොට පොලව කැරකෙන වේගය අඩු වෙන‍ව. කවද හරි දවසක පොලවේ භ්‍රමණ කාලය හදේ පරි භ්‍රමණ කාලයට සමාන වුනොත් මේ සිද්දිය නවතිනව. බය වෙන්න එපා ..... ඒකට තව අවුරුදු බිලියන ගානක් තියෙනව. ඒ වෙනකොට පොලවේ දවසක් කියන එක අද කියන දවස වගේ 47 ගුනයක් වෙයි ලු. මරු නේ.............................

ලොව පලමු රිය අනතුර

 ලෝකයේ පලමු වෙනි කාර් එක හැදුවෙ කවුද. නිකලස් ජෝසප් කග්නට් . ලෝකයේ ගොඩක් නිර්මාණ වගේ ම මේකත් අපිට යුද්ධය නිසා ලැබුන හොද ප්‍රතිඵලයක්.මේක හදල ‍තියෙන්නෙ ප්‍රංශ හමුදාවට කාල තුවක්කු ප්‍රවාහණය කරන්න. එතකොට පලවෙනි ඇක්සිඩන්ට් එක. ඒ හැප්පුනෙත් මේක ම තමා. ඒ කියන්නෙ කාර් කියන ජාතිය ලෝකෙ ඇති උන දා ඉදල ඒව හැප්පෙනව.

මේකෙ එන්ජින් එක ඇවිල්ල වාෂ්ප එන්ජින් එකක්. මේ තියෙන්නෙ ඒ එන්ජින් එක ‍වැඩ කරන හැටි. පේන හැටියට නම් ඉතින් හරිම සරලයි වගේ නේද