බලාපොරොත්තුව



බලාපොරොත්තුවල තියෙන අහිංසක මුදු දිස්නයට
ඇස් මතට වැටෙන්නට
ඉඩ දෙන්න..................................
මුලු ලෝකයට රහසේ
ඒ බලාපොරොත්තු ආත්මයට සම්බන්ධ
හැම කුඩා නහරයක්
දිගේ ම යවන්න............................
පපුවට ගලන ලේ
බලාපොරොත්තු වලින්
උණුසුම් ක‍රන්න..........................
ඒ වෙනුවෙන් දුක් විදින්න............................
එක් බලාපොරොත්තුවක් ම වෙනුවෙන්
කෝටියක් ආශාවන්
බිලි දෙන්න..................................
ගෙවෙන හැම විනාඩියම
බලාපොරොත්තු තුල හීන දකිමින්
ජීවත් වන්න.................................
එවිට ඒ බලාපොරොත්තු
හුස්ම ගන්නා හඩ
ඔබට ඇසේ වි
ඔබ ඒ හඩට කන් දෙන්න
ඒ ජීවිතේ ගීතය යි !!!!!!!!

මම ඔයාට ආදරෙයි කෙල්ලෙ..........

මම ඔයාට ආදරෙයි කෙල්ලෙ
මම දන්නව සමහර විට ඔයා මට ආදරේ කරන්නෙ
නැතිව ඇති
සමහර විට ඔයා කියනව ව‍ගේ
අපි දෙන්නගෙ අදහස් ගැලපෙන්නෙ නැතිව ඇති
මම වගේම ඔයාට ආදරය කරන අය තව ගොඩක් ඇති
ඒ මොනව උනත්
මගෙ ජීවිතේ මට තදින්ම තනිකම දැනෙන
දවස් කීපයෙදි
මගෙ හිතට ලගින්ම ඉදගෙන
මට හිනාවෙන හැටි
අඩන හැටි
හිත අස්සෙ තෙරපෙන දුක
එලියට එන්න නොදී හිත අස්සෙ ම
හිර කරගෙන ලතවෙන හැටි
කියල දුන්න ඔයාව
මට කවදාවත් අමතක වෙන්නෙ නෑ
මේ ගෙවුණ කාලෙදි එක
මොහොතකටවත් මට ඔයාව අමතක
වෙන්න නැතිව ඇති
ඉතින් අපි ආයෙ ජීවිතේ කවදාවත්
හමු නොවුනත්
ඔයාගෙ හිතට දුකක් කරදරයක්
තනිකමක් දැනෙන දවසට
මම ඉන්න බව විතරක්
මතක තියා ගන්න.....................

ආරම්භය

ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල blog එකක් පටන් ගන්නයි හදන්නේ.exam එක ඉවර උන දවසේ ඉදල හැමදාම අන්තර් ජාලෙ බලන්න ආවට මට facebook එකෙන් එහා ලෝකයක් හොයා ගන්න සෑහෙන්න කාලයක් ගියා.facebook එපා වෙලා අන්තර්ජාලෙත් එපා වෙලා ඉන්න කොට තමා ම‍ට blog සින්ඩිය හම්බ උනේ. මේක නම් නියමයි ඇත්තටම. සිංහල බ්ලොග් කරැවන්ගේ සංසදය ඇත්තටම මාර වටින දෙයක් කරන්නෙ.
මගේම කියල බ්ලොග් එකක් පටන් ගන්න අදහස හිතට ඇවිල්ල දැන් ගොඩක් කල්. ඒ උනාට මට තාම සිංහල keyboard එක හරියට හුරැ නෑ. තාමත් ru  අකුර ටයිප් කරන හැටි හොයා ගන්න බැරි උනා.
ම් ම් අදට ඇති වගේ
ඔන්න ඉතින් එතකොට මමත් දැන් බ්ලොග් ලියනවා