මරිජුවානා (marijuana)

මේ තියෙන්නෙ තවත් එක් මත් ද්‍රව්‍යයක්. අම්මට සිරි කට්ටිය බලනව ඇති මොකාටද මූ මේ අද එන්න හදන්නෙ කියල. මරිජුවානා කියන්නෙ සාමාන්‍යයෙන් බෙහෙත් පැලෑටියක්. ඒ උනාට මේකත් වැඩිපුර පාවිච්චි කරන්නෙ මත් ද්‍රව්‍යයක් වශයෙන්. ඒක නෙමෙයි දැන් කතන්දරේ. ඔයාල මොකද හිතන්නෙ මිනිස්සු කැමති ද මේවට. මොන පිස්සුද නෙ. කවුද කැමති කුඩු ගහන්න. එහෙනම් මේකත් බලලම ඉන්නකෝ...........
මෙන්න මෙතනට ගිහිල්ල ම බලන්නකො. මරිජුවානා නීති ගත කරන්න ඕන කියන ගණන දිනෙන් දිනම වැඩි වෙනව. කොහොමද වැඩේ................................

ලෝකය කැරකෙන එක නැවතුනොත්

ලෝකය ‍කැරකෙන එක නැවතුනොත් ඉස්සර වෙලාම මොකද වෙන්නෙ. ටිකක් හිතල බලන්න. අදහසක් තියෙනව නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මොනව වෙයිද කියල මම වෙන වෙලාවක කියන්නම්.දැන් මම කියන්න යන්නෙ ඒක ගැන නෙමෙයි. ඇත්තටම ලෝකෙ කැරකෙන වේගෙ අඩු වෙමින් තිබෙන බව ඔබ දන්නවාද ? ඔව් ඒකට හේතුව තමයි හදේ ගුරුත්වාකර්ශණ ශක්තිය.

  හිතල බලන්න කැරකෙන මැඩිගෝ රවුන්ඩ් එකක් ව‍ටේට අපි බයිසිකල් එකක් පැදගෙන යනවා. ‍මැඩිගෝ රවුන්ඩ් එකට ගැට ගහපු ලනුවක් එක පාරටම අපි අල්ල ගන්නව දැන් මොකද වෙන්නෙ. ‍මෙඩිගෝ රවුන්ඩ් එකේ වේගය ටික ‍ටික අඩු වෙනවා. මගේ වේගය ටික ටික ‍වැඩි වෙනව. දෙන්නගෙ වේග දෙක සමාන වෙනකන් ඔය දේ වෙන‍වනේ.ඒ වගේ දෙයක් තමා මෙතනත් වෙන්නෙ. හද‍ පොලව ‍වටේ කැරකෙන්නෙ ‍‍පොලවේ භ්‍රමණ වේගයට වඩා අඩු වේගයකින්. එතකොට මොකක්ද මේ ලනුව වගේ වැ‍ඩ කරන්නෙ. පොලවෙ තියෙන වතුර තමා ඒ විදියට වැඩ කරන්නෙ. ඔයාල දන්න‍වනෙ උදම් ගැන. හදේ තියෙන ගුරුත්වාකර්ශණ බලය නිසා පොලවෙ තියෙන වතුර ටික බිත්තර ගෙඩියක් ‍වගේ හද දිහාවට ඇදිල ගිහින් තමා තියෙන්නෙ. හැබැයි පොලවෙ භ්‍රමණය නිසා ටිකක් ඉස්සරහට තල්ලු ‍වෙනව. එතකොට පොලවෙ තියෙන වතුරට වඩා ඉක්මනින් පොලව කැරකෙන්න උත්සාහ  කරනව. එතකොට පොලවත් වතුරත් අතර ඝර්ෂණ බලයක් ඇති වෙනව. ඒක තමා පොලව පස්සට අදින බලය. ඒ වගේ ම වතුරත් හදත් අතර තියෙන ආකර්ශණ බලය නිසා හද මත ඉස්සරහට බලයක් ඇති වෙන‍ව. ඒ නිසා හදේ වේගයත් වැඩි වෙනව.හදේ කැරකෙන වේගය වැඩි වෙනකොට ඒක වසරකට සෙ.මි. 4 ක වේගයෙන් අපෙන් ඈත් වෙනව. ඒවගේ ම පොලවත් වතුරත් අතර ඝර්ෂණ බලය නිසා පොලවේ චාලක ශක්තිය හානි වෙනව. එතකොට පොලව කැරකෙන වේගය අඩු වෙන‍ව. කවද හරි දවසක පොලවේ භ්‍රමණ කාලය හදේ පරි භ්‍රමණ කාලයට සමාන වුනොත් මේ සිද්දිය නවතිනව. බය වෙන්න එපා ..... ඒකට තව අවුරුදු බිලියන ගානක් තියෙනව. ඒ වෙනකොට පොලවේ දවසක් කියන එක අද කියන දවස වගේ 47 ගුනයක් වෙයි ලු. මරු නේ.............................

ලොව පලමු රිය අනතුර

 ලෝකයේ පලමු වෙනි කාර් එක හැදුවෙ කවුද. නිකලස් ජෝසප් කග්නට් . ලෝකයේ ගොඩක් නිර්මාණ වගේ ම මේකත් අපිට යුද්ධය නිසා ලැබුන හොද ප්‍රතිඵලයක්.මේක හදල ‍තියෙන්නෙ ප්‍රංශ හමුදාවට කාල තුවක්කු ප්‍රවාහණය කරන්න. එතකොට පලවෙනි ඇක්සිඩන්ට් එක. ඒ හැප්පුනෙත් මේක ම තමා. ඒ කියන්නෙ කාර් කියන ජාතිය ලෝකෙ ඇති උන දා ඉදල ඒව හැප්පෙනව.

මේකෙ එන්ජින් එක ඇවිල්ල වාෂ්ප එන්ජින් එකක්. මේ තියෙන්නෙ ඒ එන්ජින් එක ‍වැඩ කරන හැටි. පේන හැටියට නම් ඉතින් හරිම සරලයි වගේ නේද 

තෘප්තිය සහ වින්දනය




අද මට හිතුනා ඔයාලට චූටි කතාවක් කියන්න. මේක මේ 9 වසරේ ඉංග්‍රීසි පොතේ තිබුණු කතාවක්.

ඔන්න දවසක් දා දර කපන කෙනෙක් පැය දෙක තුනක් දර කපලා ඉවර වෙලා පැත්තකට වෙලා ගිමන් හරිනවා. ඔය වෙලාවෙ ම ඔතනින් යනව සුද්දෙක්. සුද්ද මේ දර කපන මිනිහ ලගට ඇවිල්ල අහනව
"ආ ...... උන්නැහේ දර කපල ඉවරද ?"
"ඔව් සුදු මහත්තයෝ මම මේ ටිකක් ගිමන් හැරල ගෙදර යන්න කියල දර ටිකත් අරන් "
සුද්ද පුදුම වෙලා අහනවා
"ඇයි උන්නැහේ තාම උදේ වරුවනේ තව ටිකක් දර කැපුව නම් ඔහේට ලාබයි නෙ..."
"අනේ මොකටද සුදු මහත්තයෝ මේ වැඩ කරපු ටික මටයි මගේ ලමයි ටයි ගෙදර උන්දැටයි කාල ඇදල ඉන්න වැඩිත් එක්ක "
සුද්ද කල්පනා කලා මේ මිනිහට හොද ‍උපදෙසක් දීල ගොඩ දාන්න ඕන කියල හිතල
"එහෙම නෙවෙයි නෙ උන්නැහේ ඔන්න හිතල බලන්න උන්නැහේ අද හවස් වෙනකන් දර කැපුව එතකොට මොකද වෙන්නෙ ඔන්න උන්නැහේ ට ලාබයක් එකතු වෙන්න පටන් ගන්නවා. ටික දවසක් යනකොට උන්නැහේ ලග සල්ලි ටිකක් එකතු වෙලා උන්නැහේ දර කපන මැෂින් එකක් ගන්නවා   "
ඔන්න දැන් අර හාන්සි වෙලා හි‍ටපු මෑන් ටිකක් කෙලින් වෙලා කටත් ඇරගෙන කතා‍ව අහන් ඉන්න‍වා.
"දැන් ඔන්න ‍මැෂින් එකෙන් කපන නිසා ලැබෙන ලාබය ‍වැඩි යි. ටික කාලයක් යන කොට උන්නැහේ දර කපන එක අත ඇරලා ගෝල‍යෝ ටිකක් ගන්නව. දැන් ඉතින් උන්නැහේගෙ ව්‍යාපාරය සරුයි නෙ උන්නැහේ අර පේන දිය ඇල්ල ගාව ලස්සන ගෙයක් හදල පවුලත් එක්ක වාහනේකුත් අරන් එහෙ පදිංචියට යනව "
"ඊට පස්සෙ "
"ඊට පස්සෙ මොනවද ඉතින් උන්නැහේට බැරියැ මෙන්න මෙතන සෝපාවක් හදල තමන්ගෙ ජීවිතේ සැදෑ සමය ආතල් එ‍කේ රෙස්‍ට් එකේ ඉන්න "
ආපහු හාන්සි උන දර කපන මිනිහා
"ඉතින් සුදු මහත්තයො මම දැනුත් ඒක නෙ කරන්නෙ "

බාර් එකේ මොනිකා


මැදියම් රැය ආසන්නව තිබුන බැවින් බාර් එක වසන්නට ලහි ලහියේ ක‍ටයුතු යොදමින් තිබුනි. අලුත පත්වු වේටර් මල්ලි මේස අස් කරමින් සිටියි. නව ගැනුම් කරුවෙක් දොර ඇරගෙන ඇතුලු වී කෙලින් ම වේටර් තැන වෙත ආවේ ය.
"මල්ලි 64 කල්දේරමෙන් එකක් ගේන්න......"
වේටර් මල්ලි ඉක්මනින් 64 කල්දේරමට ගොස් බලන විට එය අවසන් ව තිබුනි. හදිසියට 63 කල්දේරමින් කෝප්පය පුරවා ගත් වේටර් මල්ලි එය ගෙනත් දුන්නේ ය.
"මේ 63 නෙ මල්ලි මම කීවෙ 64 නේ............"
"ආ සොරි අයියෙ මම මෙතන‍ට අලුත් ...... ඉන්න මම ගේන්නම් "
එවර ඔහු 65 න් කෝප්පය පුරවා ගෙන ආවේ ය.
"මොන‍වද මල්ලි මේ 65 නේ ඔයාල මෙහෙමද අපිට සලකන්නෙ "
"අනේ සොරි අයියේ මට ආයෙත් වැරදිලානෙ ........"
එවර වේටර් 63 න් බාගයයි 65 න් බාගයයි කෝප්පය කට දාගෙන ගෙනාවේ ය.
"මල්ලි මම මල්ලිට ආයෙ කියන්නෙ නෑ මේ 63 න් බාගයයි 65 න් බාගයයි නේ  "
වේටර් මල්ලිට කට උත්තර නැති විය. ඔහු බාර් එකේ වැඩ කරන මොනික අක්කා සොයා දිව ගියේය.
"බලන්නකො අක්කෙ මේ යකා 64 ම නේ ඉල්ලන්නෙ 64 ඉවර වෙලානෙ "
වේටර් ගෙන් කෝප්පය ඉල්ලා ‍ගත් මොනික අක්කා ටොයිලට් එකට ගොස් කෝප්පය පුරවා ගෙන ආවා ය. ලෝක අමාරුවක වැටුන වේටර් තැන ෂේප් ‍එකේ ‍කෝප්පය අය්යා ‍ට පිලි ගන්වා පැත්තකට විය. අයියා ද කිසි කතාවකින් තොරව මුලු කෝප්පය ම පානය කලේ ය. වේටර් තැන ට ලෝක පුශ්නයකි. ටික වේලාවක් බාර් එකේ කැරකි කැරකි සිටි අය්යා යන්නට පිටත් විය. ‍මගක් ගොස් වේටර් තැන ලගට කැදවූ අයියා මෙසේ ඇසී‍ය.
"මල්ලි අර මොනිකා තාම මෙහෙ වැඩ ද ......................"